Wednesday, July 19, 2017

Selenium WebDriver (02 කොටස)


අද පාඩම...

අද පාඩමක් කිව්වට පාඩමක් මත් නෙවෙයි. අද මන් කියන්න යන්නේ Selenium Webdriver එක Use කරලා Script ලියන්න අපිට ඕන කරන Tools සහ ඒ ඕන Tools Configure කරගන්න විදිහ ගැන.

1.       Java

මොනා කරන්නත් ඉස්සලම Java Install කරලා තියෙන්න ඕන ඉතින්. ඒක කරන විදිහ මෙන්න මේ Video https://www.youtube.com/watch?v=rzto4yY3pVw  එකේ තියෙනවා

2.       IntelliJ IDEA

මේක තමයි අපි ඉස්සරහට Automation Script ලියන්න Use කරන IDE එක වෙන්නේ. මෙන්න මේ https://www.jetbrains.com/idea/download/#section=windows ලින්ක් එකට ගිහින් Community Edition එක Download කරගෙන Install කරගන්න විතරයි තියෙන්නේ.  (Unlimited Edition එක Download කරලා Crack කරගන්න පුළුවන් නම් එත් කමක් නෑ අපි කරන්න යන වැඩවලට Community Edition එක තිබ්බමත් ඇති හැබැයි 😊

Install කරලා පොඩි Hello World Project එකක් හදන විදිහත් මෙන්න මේ Video https://www.youtube.com/watch?v=2IqfF4WMKGc එකේ තියෙනවා.

3.       Auto IT

සමහර Automation වැඩ වලදී මේ එකත් ඕන වෙන නිසා මේකත් කරලා තියාගන්න. මෙන්න මේ https://www.autoitscript.com/site/autoit/downloads/ එකට ගිහින්

Click කරාම Auto IT Download කරගන්න පුළුවන් ඒක Install කරගන්න විදිහ Auto IT ඕන උන වෙලාවට කියල දෙන්නම්

දැනට නම් මතක් වෙන්නේ මේ ටික තමයි තව ඕන කරන දේවල් නම් තියෙනවා ඒවා ඒ ඒ වෙලාවට Download / Install කරගමු. IntelliJ IDEA අපේ ඊලග පාඩමට ඕන නිසා තමයි දැන්ම Install කරගන්න ඕන වෙන්නේ.