Thursday, November 30, 2017

Selenium use කරලා Browsers Open කරමු

අද අපි කරන්න යන්නේ Webdriver එක පාවිච්චි කරලා දැනට අපි බාවිතා කරන Browsers වන Chrome,FireFox,InternetExplorer, සහ Opera කියන browsers open කරගන්න විදිහ .
වැඩි කථා ඕන නෑ කෙලින්ම බහිමු වැඩේට

මුලින්ම

Google Chrome Browser open කරමු 

ඉස්සලම හදාගන්න Maven project එකක් , ඒක හදාගන්න විදිහ මම කලින් දාපු මෙන්න මේ පොස්ට් එකේ තියෙනවා එකේ විදිහට maven project එකක් හදාගෙන එකේ pom.xml ෆයිල් එකට Selenium සහ TestNG dependencies දාගන්න ඕන, ඒවා ලස්සනට මම කියලා දීලා තියෙන්නේ හරිය?

හරි project එක හදාගෙන ඉවර උනාම ඊළගට හදාගන්න ඕන class එකක් මම හදනවා class එකක්  OpenChrome කියලා මෙන්න මේ විදිහට


හරි ඊට පස්සේ ඒ හදාගත්ත class එක ඇතුලේ මම දානවා @Test Annotation එකක් මේ Annotationඅන් එක ගැනත් මම කලින් පොස්ට් එකේ කියල දුන්නා Annotation එකක් දාපු ගමන්ම අපි ඊට යටින් method එකක් ලියන්නම ඕන මම ඒ කිස method එකක් ලියනවා Annotation එකට යටින් openChrome() කියලා මෙන්න මේ විදිහට

මුලම කෝඩ් එක තමයි  

System.setProperty("webdriver.chrome.driver","drivers/chromedriver.exe");

මොකටද මේ System.setProperty("webdriver.chrome.driver","drivers/chromedriver.exe"); ?

Selenium වලට බෑ අපේ machine එකේ install කරලා තියෙන chrome browser එක කෙලින්ම open කරන්න

අන්න ඒ හින්දා System.setProperty කියලා ගහලා chromedriver.exe කියන වෙනම 3rd party .exe  ෆයිල් එකක සහය ගන්න වෙනවා අපිට chrome browser එක open කරන්න

හරි ඊලග ප්‍රස්නේ කොහෙන්ද මේ chromedriver.exe කියන වෙනම 3rd party .exe  ෆයිල් එක හොයාගන්නේ කියන එක, ඒකට ඔයාට යන්න වෙන්වා Selenium Official වෙබ් සයිට් එකට www.seleniumhq.org එකේ download කියන page එක click කරලා යටට ගියාම තියෙනවා 

Third Party Drivers, Bindings, and Plugins කියලා place එකක් අන්න එතන ලිස්ට් කරලා තියෙනවා අපිට ඒ ඒ browser එක open කරගන්න ඕන වෙන  .exe  ෆයිල් ටික,

මේ වෙලාවේදී අපි open කරගන්න ඕන chrome browser එක නිසා අපි 


Google chrome driver කියන ලින්ක් එක ඉස්සරහ තියෙන 2.33 කියන version නම්බර් එක click කරනවා අන්න එතකොට ridirect වෙයි මෙන්න මේ වගේ page එකකට


මෙන්න මේ page එකෙන් තමාගේ machine එකට අදාල ෆයිල් එක click කරාම (මගේ නම් chromedriver_win32.zip මේකේ 64 version එක නෑ වින්ඩෝස් වලට ඒ නිසා වින්ඩෝස් 64bit යුස් කරන අයටත් win32.zip එකම ගන්න වෙනවා  ) .zip file එකක් බබා වගේ download වෙයි අන්න ඒ ෆයිල් එක extract කරාම හැදෙයි  chromedriver.exe කියලා .exe ෆයිල් එකක් අන්න ඒ ෆයිල් එක තමයි අර මම කිව්වා 3rd party file එක අපිට ඕන වෙන chrome browser එක selenium වලින් open කරගන්න.

ඒ ෆයිල් එක අතන මෙතන දාන්නේ නැතුව project ෆෝල්ඩර් එකේම දාගත්තා නම් අපිට පහසුයි නෙහ් ? (ඔව් කියපන් )

අන්න ඒක කොරන්න යන්න project එකට ගිහින් project එක උද right click කරලා හදන්න new directory එකක් මෙන්න මේ විදිහට 


එකට නමක් දෙන්න drivers කියලා.අන්න ඒ හදුනා  directory එකට අර chromedriver.exe කියන ෆයිල් එක කොපි කරලා දාන්න.

දැනට කියපු ඔක්කොම කරාම මේ විදිහට තියෙයි


හරි දැන්
System.setProperty("webdriver.chrome.driver","drivers/chromedriver.exe");

කෝඩ් එකට එමු විජහට  System.setProperty කියන්නේ මම කිව්වා සෙලෙනියම් වලට බෑ තනියම chrome open කරන්න ඒ හින්ද එකට උදව් කරගන්න 3rd party file එක සෙට් කරන කෝඩ් එක කියලා

ඊළගට webdriver.chrome.driver කියන්නේ webdriver එකට කියනවා chrome driver එක use කරන්න කියලා (අනිත් browsers කරනකොට මේකෙන් වෙන දේ පැහැදිලි වෙයි ) එතකොට drivers/chromedriver.exe කියන්නේ අපි අර project එකේ drivers කියල folderඑකක් හදාගෙන එක ඇතුලට දාගත්ත chromedriver.exe කියන ෆයිල් එකේ path එක ඒක ගන්න අපි දාගත්ත chromedriver.exe කියන ෆයිල් එක උඩට ගිහින් right clcik කරලා copy relative path eka click කරන්න ඕන


හරි බොල දැන් වැඩෙන් බාගයක් වගේ ඉවරයි දැන් අපි සෙලේනියම් වලට බැරි වැඩේ කොරලා දුන්නා දැන් සෙලේනියම් වලට පුළුවන් වැඩේ කොරන්න කියන්න ඕන ,ඒ කියන්නේ අපි සෙට් කරලා දුන්න System.setProperty use කරලා chrome browser එක open කරන්න කියලා , එක කියන්නේ මෙන්න මෙහෙම
WebDriver driver = new ChromeDriver();

හරි දැන් browser එක පොතේ විදිහට නම් open වෙන්න ඕන, රන් කරන්න කලින් අපි තව ටිකක් මේකට අයිසිං පොඩ්ඩක් දාමු

මම කියනවා සෙලේනියම් වලට browser එක open කරාට පස්සේ  ඒක maximize කරන්න කියලා
එක කියන්නේ මෙන්න මෙහෙම

driver.manage().window().maximize();

ඊට පස්සේ මම කියනවා ගන්න අපේ දේ මෙන්න මේ සයිට් එකට යන්න කියලා
එක කරන්නේ
driver.get("https://automatesachintha.blogspot.com"); මෙහෙම

ඔක්කොම ඉවර උනාම මෙන්න මේ විදිහට කෝඩ් එක තියෙන්න ඕන 


 හරි දැන් කෝඩ් එක උඩම right click කරලා Run දෙන්න එතකොට කිව්වා විදිහට වැඩේ වෙන්න ඕන ඉතින් මන් උගත් ශිල්ප ශාස්ත්‍රයේ හැටියට 😂😂

ඔන්න පොඩි වීඩියෝ කෑල්ලකුත් දැම්මා වැඩි හොදට 




හරි මේ කොටසම මම කලින් පොස්ට් එකෙත් කරා උනාට ගොඩක් දුරට පැහැදිලි කරන්න තමයි වෙනමම කරේ FireFox,InternetExplorer, සහ Opera කියන browsers open කරගන්න විදිහ මම පුළුවන් තරම් ඉක්මනින් කියලා දෙන්නම් ,පුළුවන් නම් try කරන්න ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යු කැන් ඕපන් බර්ව්සර් කියනවා නේ 😂 .

( opera browser එක විතරයි පොඩ්ඩක් අමාරු ,මම ඒ browsrs ටික පුළුවන් තරම් ඉක්මනට කියලා දෙන්නම්.)

එහෙනම් ගියා ඔන්න

ජය සතුට සමග සුළග  😂😂