Monday, April 10, 2017

Selenium සහ Test Automation ගැන.. (1 කොටස)

Web Application භාවිතය 


Web Based Application එකක් එහෙමත් නැත්තම් Website එකක් කියන්නේ End User Internet Connection එකක් සහිත පරිගණකයක් හරහා Web Browser එකක් මගින් Access කරන්න පුළුවන් ඕනෑම Application එකක් කියල හදුන්වන්න පුළුවන්.අද වෙනකොට මේ Web Application කියන දේ Desktop Application වලට වඩා බිහිවෙමින් පවතිනවා ඒ නිසාම ඒ Web Application Test කිරීමත් පුළුල්ව කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා.


මොකක්ද මේ Test Automation කියන්නේ?


Test Automation කියලා හදුන්වන්නේ Software Tool එකක් භාවිතා කරමින් සිදු කරන Test කිරීමක් කියලා මුලිකව අපිට හදුන්වන්න පුළුවන්. Test Management, Test Design, Test Execution and Results Checking කියන හැම step එකේදීම අපිට මේ Test Automation පාවිච්චි කරන්න පුළුවන්.
Web Site එකක් Manual Test කරන්නේ නැතිව Test Automation Tool එකක් භාවිතා කරලා Test Script එකක් ලියලා ඒක Execute කරලා අපි බලාපොරොත්තු උන Result (Expected Result) එකයි  අපිට ලැබුන Result (Actual Result) එකයි සමානද අසමානද බලන එක අපිට මුලිකව මේ කියන Test Automation මගින් කරන්න පුළුවන්. 

Selenium ගැන


Selenium කියන්නේ Web Application එකක් Automate කරන්න අපිට Use කරන්න පුළුවන් Test Automation Tool  එකක්.ඒ කියන්නේ Web Application එකක කරන සහ සිදුවෙන දේවල් user කෙනෙක් ගේ මැදිහත් වීමක් නැතිව සිදු වෙන්න සලස්වන අපිට Selenium Use කරන්න පුළුවන්. මෙතැනදී අපි selenium කියන එක තනි Tools එකක් විදිහට හැදින්නුවාට ඒක Tool 4ක එකතුවක්.

1.      Selenium Integrated Development Environment (IDE)
2.      Selenium Remote Control (RC)
3.      Selenium WebDriver
4.      Selenium Grid

Selenium 2


2008 දී Selenium Team එක ගත්ත තීරණයක් විදිහට අද වෙනකොට Selenium Remote Control (RC) සහ Selenium WebDriver යන කොටස් දෙකම එකක් විදිහට අරගෙන  Selenium 2 විදිහට හදුන්වනවා.



Selenium ආරම්භය


කලින් කිව්වා වගේ Selenium කියන්නේ Tool කිහිපයක එකතුවක් නිසා Selenium කියන product එක Develop කරන්න සහය උන ගොඩක් Developers ලා ඉන්නවා.ප්‍රදාන වශයෙන් Jason Huggins තමයි 2004 දී JavaScript Library Use කරලා මුලින්ම JavaScriptTestRunner කියන නමින් ඔහුගේ Manual Test වැඩ වල නිතර නිතර සිදු වෙන ක්‍රියාකාරකම් Automate කරන්න Automation Tool එකක් හදලා තියෙන්නේ.පසු කාලෙකදී  ඔහු ඒක Selenium Core නමින් open source application එකක් විදිහට නිකුත් කරලා තියෙනවා.





ඇයි Selenium කියන නම?


Selenium කියන නම මේ Product එකට එකතු වීම සම්බන්දව තියෙන්නේ මෙහෙම කථාවක්. Selenium Tool එන්න කලින් Automation Tool එකක් විදිහට තිබ්බ Tool එක තමයි QTP (Quick Test Professional) කියන්නේ QTP Tool එක නිර්මාණය කරලා තිබ්බේ Mercury Interactive කියන සමාගම.selenium කියන්නේ Mercury poisoning වලට තියෙන විෂ නාශකයක් නිසා Jason Huggins විසින් Selenium නම යෝජනා කරලා තියෙනවා ඔහුගේ Automation Tool එකට.



මීලගට :- Selenium IDE






16 comments:

  1. great work , keep it up sachintha aiya...!!

    ReplyDelete
  2. niyamai ayya...keep it up...

    ReplyDelete
  3. great work bro. congratz.. keep it up.. (Y)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Niyamai.. Super.. And thank you..

    ReplyDelete
  7. යුගයේ අවශ්‍යතාවයක්...සුභ පැතුම් ඉදිරියටම කරගෙන යන්න.

    ReplyDelete
  8. great keep it up... waiting for the next....

    ReplyDelete