Tuesday, April 11, 2017

Selenium IDE කියන්නේ මොකක්ද? Selenium IDE එක Install කරගන්නේ කොහොමද? (2 කොටස)

පලවෙනි පොස්ට් එකට හොද Feedback එකක් තිබ්බා කියල මුලින්ම කියන්න ඕන.දායක සභාවේ මහත්වරුත් (නිපුන් ලට හෙම මේ කියන්නේ ) හොද කොමෙන්ට් දීලා තිබ්බා.තෑන්ක් යූ ඒ ඔක්කොටම.

අද කතා කරන්න යන්නේ Selenium Suite එකේ තියෙන එක Component එකක් වෙන Selenium Integrated Development Environment එක එහෙමත් නැත්තම් Selenium IDE එක ගැන.

මොකක්ද Selenium IDE එක කියන්නේ ?

මේක තමයි Selenium Suite එකේ තියෙන ඉගෙන ගන්න සහ පාවිච්චි කරන්න ලේසිම Tool එක. Tool එකක් කිව්වට මේක Firefox බ්‍රව්සර් එකට එන Extension එකක්.බොහෝ වෙලාවට මේ Selenium IDE එක හදුන්වන්නේ Prototyping Tool විදිහට.ඒ නිසා මේ පාවිච්චි කරලා Complex Test ලියන්න පුළුවන් කමක් නෑ.

මම කලින් කිව්වා වගේ Selenium Suite කියන්නේ Tools කිහිපයක  එකතුවක් ඒ නිසා එකේ ගොඩක් Developers ලත් ඉන්නවා ඒ අතරින් Shinya Kasatani කියන ජපන් ජාතිකයා තමයි මේ Selenium IDE එක නිර්මාණය කරලා තියෙන්නේ.ඔහු විසින් 2006 දී මේ කියන Selenium IDE Tool එක Selenium Project එකට ලබාදීලා තියෙනවා.



සරලවම කිව්වොතින් Selenium IDE එකෙන් පුළුවන් Test Case එකක් Record, Edit, සහ Debug කරන්න වගේම Test Case එකක් හෝ කිහිපයක් නැවත නැවත Execute කරන්න.මේකේ User Interface එකක් තියෙන නිසා කලින් කියපු වැඩ ටික ලේසියෙන්ම කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.Selenium IDE එකේ තියෙන සුවිශේෂී හැකියාවක් තමයි Record and Playback කියන්නේ.

Record and Playback ඒ මොකක්ද ඒ? 😳

ඒ කියන්නේ අපිට පුළුවන් මේ Tool එක පාවිච්චි කරලා අපි Website එකක කරන Action ටික (Login, Form Filling) Record කරගෙන නැවත Playback කරන්න එහෙම Playback කරනකොට අපිට ඕන නම් Input (User Name, Password වගේ ඒවා ) වෙනස් කරමින්  Web Application එක Test කිරීමේ හැකියාවකුත් තියෙනවා.

අපිට සිද්ධ උනොත් Input Fields 200 ක් වගේ තියෙන Web Application එකක Inputs මාරු කර කර බලන්න අපිට මේ Tool එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.මොකද මේකෙදි අපිට එක පාරක් Test Case එක Record කරගෙන එකේ Inputs විතරක් මාරු  කර කර නැවත නැවත Test Case එක Play කිරීමේ හැකියවක් තියෙනවා.  

කතා කරා ඇති වැඩේට බහිමු, 😉

මම මුලින්ම කිව්වනේ Selenium IDE කියන්නේ Firefox Extension එකක් කියලා ඒ නිසා මුලින්ම Firefox Install කරගෙන ඉන්න ඕන.. (ඒක කරගන්න පුළුවන්නේ).

ඊ ලගට Firefox Browser එක Open කරලා මම මේ කියන ගාථාව කියන්න ඕන..

නෑ නෑ බන් ගාථා කිය කියා ඉන්න ඕන නෑ  මෙන්න මේ ලින්ක් එකට යන්න ඕන 😂


ඒ ගියාම මෙන්න මෙහෙම Window එකක් ඒවි 



ඔය Window එකේ Add to Firefox Click කරාම Selenium IDE එක Download වෙනවා ඊට පස්සේ එන

මේ Window එකේ Install Button එක Click කරාම Selenium IDE එක Firefox Browser එකට Install වෙනවා. හරියට උනා නම් Firefox Browser එක Restart කරන්න ඉල්ලයි Restart කරලා  
Ctrl + Alt + S Press කරාම 


මෙහෙම Window (Selenium IDE) එකක් Firefox Browser එක ඇතුලේ Display වෙනවා නම් වැඩේ ගොඩ.. 😇


ගොඩ කිව්වට ඊළගට තමයි වැඩ පටාාාන් ගන්නේ.ඊලග Post එකෙන් මන් කියන්න යන්නේ කොහොමද Selenium IDE එකෙන් Test Script එකක් Record කරන්නේ Playback කරන්නේ සහ Manual Script එකක් ලියන්නේ කොහොමද කියන එක.








2 comments: