Monday, June 26, 2017

Selenium WebDriver (01 කොටස)

ශරි.. අද පාඩම Selenium WebDriver එක ගැන 😃

මේ පාඩම නම් ඉවර කරන්න බැරි වෙන තරමටම තියෙනවා,මොකද අද වෙනකොට Software Automation කියන එක ගොඩක්ම ගොඩනැගිලා තියෙන්නේ Selenium WebDriver එක මුලික කරගෙන නිසා.මේක පටලවා ගත්තොත් තුශිලයා කරපු පිරිත වගේ වෙනවා ඒ නිසා ඒ අපි මේ පාඩම පටලවා ගන්නේ නැතිව මුල ඉදන් හෙමිහිට කරමු. 😂 

මොකක්ද මේ Selenium WebDriver එක කියන්නේ?

කස්ටියට මතක ඇති Selenium IDE එක ගැන කියනකොට මම කිව්වා Selenium IDE එක වැඩ කරන්නේ Firefox Browser එකට විතරයි කියලා.මොකද Selenium IDE එක Firefox Browser එකට එන Extension එකක් විතරයි.(කැත වැඩේ නේ?).

එතකොට හදිසියේ හරි අපිට ඕන උනොත් අපේ තියෙන Web Application එකක් Chrome Browser එකෙන් Run කරලා Test කරගන්න අපිට ඒක Selenium IDE එකෙන් කරගන්න බැරි නිසා අනාථ වෙනවා.

එක ප්‍රයෝගික උදාහරණයක් තමයි කාලයක් තිබ්බා China වල Google Chrome තහනම් කරපු,අන්න ඒ දවස් වල ලංකාවේ Software Company, China වලට හදපු System Test කරේ Internet Explorer, Safari වගේ Browsers Use කරලා.(Experience එකෙන් කියන්නේ)

 Selenium WebDriver කියල කියන්නේ Web Automation Framework එකක්. එක විශේෂත්වයක් තමයි Selenium WebDriver එක Use කරලා අපිට පුළුවන් Test Case එකක් ලියලා ඒ Test Case එක අපිට ඕන කරන Browser එකක Execute කරන්න.

Ex:-
  • ·         Firefox
  • ·         Chrome
  • ·         Safari
  • ·         Edge
  • ·         Internet explorer
  • ·         Headless Browsers

Selenium WebDriver එක ගැන Selenium Official Website එකේ තියෙන්නේ මේ විදිහට.

The biggest change in Selenium recently has been the inclusion of the WebDriver API. Driving a browser natively as a user would either locally or on a remote machine using the Selenium Server it marks a leap forward in terms of browser automation.

තේරුනේ නෑ නේ? එල  😂

අනිත් විශේෂත්වය තමයි Selenium WebDriver එක Use කරලා අපිටම Test Script  එක අපිට ඕන Language එකකින් ලියන්න පුළුවන් කම තියෙනවා.
මෙන්න මේ Language වලින් අපිට Test Script එක ලියන්න පුළුවන්.ඒ වගේම තමයි අපිට ඕන උනොතින් Conditional Operations (If/Else, Loop, Switch Case)දාන්න මොකක් හරි Web Page එකේ අවස්ථාවකට මෙන්න මේ Selenium WebDriverඑක ප්‍රයෝජනවත් වෙනවා.මොකද ඒ වැඩ Selenium IDE එකෙන් කරන්න බැරි නිසා.

Ex: - Text Box එකක 10 ට වඩා වැඩි අගයක් දාලා Submit කරොත් එන Error Message එක Test කරන්න සහ 10 ට අඩු අගයක් දාලා Submit කරාම එන Error Message එක Test කරන්න.


මොනා උනත් වැරැද්දකුත් තියෙන්න එපයි අපිට 😉

Selenium WebDriver එකේ තියෙන එක අව්ලක් තමයි Selenium WebDriver එක අලුතින් එන Browsers වලට Support කරන්න පොඩි කාලයක් ගන්න එක, පොඩි කිව්වට පොඩිමත් නෑ ඒක.

EX:- Windows 10 වලට ආපු Microsoft Edge Browser එකට Support වෙන විදිහට Selenium WebDriver එක Use කරලා Script එක හදාගන්න පුළුවන් උනේ Windows 10 ඇවිත් ටික කාලයක් ගියාට පස්සේ. 


ඊලග පාඩම මේ පාඩමේ ම දෙවෙනි කොටහ..

0 comments:

Post a Comment